“ලංකාව ලෝක සිතියමෙන් මැකී යයි ?”
යනුවෙන් ඉතා වැදගත් විඩියෝ පටයක් KCJ රත්නායක මහතා අන්තර් ජාලයට එක්කර ඇත. එම විඩියෝ පටයේ ලින්ක් එක අංක 3 ලෙස පහත රටේ ජනතාවගේ අවදානය සඳහා ඉදිරිපත් කිරීමට හේතුව ජනතාව සරලව දැනගත යුතුයි. විශේෂයෙන් රටක ඉතිහාසයේ ඇති වැදගත්කම රටට ආවේණික සිංහල බෞද්ධ ජනතාවට මැනවින් අවබෝධයක් ලබාදීම සඳහා මෙතුමන් ඉතා කැපවීමෙන් දක්වා ඇති විඩියෝව සඳහා කරුණු ඇතුළත් කර ඇති බැවින් දේශහිතෛෂී මෙවැනි උත්තමයන්ට ගෞරවයක් ලෙස මෙම සටහන තබමි. තම යුතුකම අවබෝධයෙන් වටහාගෙන මෙම සටහන හැකි පමණ අන්තර්ජාලය තුළ බෙදාහැරීම සිදුකරන මෙන් සුහදශීලීව සැමගෙන් ඉල්ලාසිටිමින් රට මේ විපරිත විනාශයට තුඩු දුන් සත්‍ය වටහාගන්නා මෙන් වැඩිදුරටත් කරුණිකව ඉල්ලා සිටිමි.
1505 පෘතුගීසි පැමිණි වකවානුවේ සිට පෘතුගීසි ලංදේසීන් සහ ඉංග්‍රීසීන් වෙත බැලමෙහෙවර කරමින් තාන්නමාන්න අපේක්ෂාවෙන් අභිමානවත් ඉතිහාසයක් උරුම බුදු පසේබුදු මහරහතුන් සහ සක්විතිරජ වරැන්ට ජාත භූමියක් වු සිංහල දීපය තුළ මහාසම්මත රජතුමාගේ සිට සුදෙවුන් රජතුමා ඒ ගොතම බුදුරාජාණන් වහන්සේගෙ පියා දක්වා රජවරුන් හත්ලක්ෂ හත්දහස් හත්සිය අනුවක් රජකම් කළ බව ඉතා පැහැදිලි ලෙසින් ලිකිතව අදටද රට තුළ ඇත.
එම අතීතය පමනක් නොව රට දිනෙන් දින ආරාජික වීම හා රට තුළ ඊනියා බෞද්ධ අන්තවාදී මිත්‍යාදෘෂ්ටික ත්‍රස්තවාදී පිරිසට බලය පවත්වා ගැනීමට හේතු භූත වු කරුණ කතා කිරිමට කාලය පැමිණ ඇත.
තිත්ත වුනත් ඇත්ත නොහොත් සත්‍ය වසන් කළ නොහැකිය. හේතුඵල දහමට අනුව සෑම ඵලයකට නැතිනම් ප්‍රතිඵලයකටම හේතුවක් පවතී ඒ හේතුව නැතිකිරීම තුළින් ප්‍රතිඵලය නැතිනම් ඵලය නැතිකළ හැක.
අපට ආවේණික භාෂාවක් ජාතියක් පමනක් නොව රටක් ඇත. ඒ රට භාෂාව හා ජාතිය සිංහල වීම පිළිබඳ ඉතා පැහැදිලි ලෙස ඉතිහාස ග්‍රන්ථ තුළ ඇත. ඒ මාගන්දියා බැමිණිය පිළිබඳ කතා පුවත තුලයි. අපට ආවේණික භාෂාව පිළිබඳ ගවේෂණශීලී පරික්ෂණයක් කළ ආචාර්ය කොඩිසිංහ හේරත් මහතාගේ විඩියෝ පටයක ලින්ක් එක අංක 2 ලෙසින් පහත ජනතාවගේ දැනුම වර්ධනයට මෙම සටහනට ඇතුළත් කර ඇත.
මෙම සටහනට එක්කර ඇති පිංතූරය මැනවින් අද්‍යනය කිරීම තුළ රට පාලනය කිරීමට පල්ලියේ ප්‍රභල මැදිහත්වීම ජනතාවට අවබෝධ කරගත හැක.
රටක් තුළ රටේ ප්‍රධාන ජාතියට අමතරව අනිකුත් ජනවර්ග වලට තමන්ට අයත් ආගම සහ ආදාල සංස්කෘතිය ඇදහීමට ව්‍යවස්ථාව තුළින් පැහැදිලි ලෙසින් නිතීමය අවසරය ලබාදී ඇත. 1978 ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට මුලීක වු JR ජයවර්ධන ජනාධිපති වරයා උපතින්ම කිතුනුවකු වුවත් රටේ අනන්‍යතාව අභිමානය සහ අතිප්‍රබල ඉතිහාසය ඉතා මැනවින් අද්‍යනය කර රටේ ප්‍රධාන ජාතිය සිංහල බෞද්ධ ජනතාවගේ ප්‍රධාන ආගම වන බෞද්ධ ධර්මය ආරක්ෂා කිරීමට පවතින රජයන්ගෙ ප්‍රධාන කර්‍ය්ක් බව ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇත. අද මේ වන විට ඒ අයිතිය ඉතාම උපායශීලී ලෙස මැල්කම් රංජිත් විසින් ව්‍යවස්ථාවෙන් ඉවත්කිරීමට මාණ බලමින් ඇත. එහි එක් පියවරක් ලෙස බුද්ධසාසන අමාත්‍යාංශය ඇවරකර ඇත . ඊලඟ පියවර ඉතිහාසය ඉගැන්වීම උපායශීලී ලෙස පාසල් අධ්‍යාපනය තුළින් ඉවත් කරමින් ඇත. මේ සටහන තබන්නේ අන්‍ය කිසිදු ආගමක් අදහන්නන් වෙත එරෙහිව නොවන අතර විශේෂයෙන් කිතුනු බැතිමතුන් පවා දැනගත යුතු කරුණ වන්නේ මැල්කම් රංජිත් යනු ජේසුස් වහන්සේ නොවන බවයි.
තම අනුගාමිකයන් දේශපාලන අවශ්‍යතා මත මරාදැමීමට ඊනියා බෞද්ධ අන්තවාදී මිත්‍යාදෘෂ්ටික ත්‍රස්තවාදී පිරිසකට ඉඩ හැර නිසොල්මන්ව බලා සිටිමින් රාජපක්ෂ ජුන්ටාව ආරක්ෂා කරගැනීමට තමන්ගේ නිතිඥයා හරහා ප්‍රධාන සාක්ෂි කරු වෙත මැල්කම් රංජිත් බලපෑම් කර ඇත. ඒ පිළිබඳ හඬ පටයක් නුදුරේ ජනතාවට ශ්‍රවනය කළ හැක. කිතුනු දහමට කරන ගෞරවයක් ලෙස මැල්කම් රංජිත්ගේ කදිනල් තනතුර පසකින් ගලවා තබන ලදී.
රටේ සෑබෑ පරිහානියට මුලීකම හේතුව පල්ලියේ පිල්ලි රට පාලනය කිරීම සහ රට තුළ සිටින බෞද්ධ ජනතාව අන්‍ය ආගමික කරනය කිරීමට පල්ලියේ මැදිහත් වීමයි .
එපමනක් නොව රටේ දැවැන්තම ඉතිහාසය මංකොල්ලකෑම සිදුකලේ පල්ලියේ පිල්ලි විසින් වන අතර ඒ පිළිබඳ ඉතිහාස ගවේෂක නාවික ඉංජිනේරු ප්‍රසාද් කුමාර මහතා විඩියෝ පටයක් මඟින් රටේ ජනතාව දැනුවත් කළ අතර තත් විඩියෝ පටයේ ලින්ක් එක අංක 1 ලෙස මේ සටහනට ඇතුළත් කර ඇත.
ඉතා පැහැදිලි ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මැල්කම් රංජිත්ගේ ඉල්ලීම මත රවි සහ ශානී පත්කළ බව පාර්ලිමේන්තුව තුළ ප්‍රකාශ කළ අතර එපමනක් නොව යුධහමුදාපති පත්කිරීමට මැල්කම් රංජිත් අත පේවීම පිළිබඳ සාලිය T මහතා අන්තර්ජාලයට එක් කළ විඩියෝ පටයක් අංක 4 ලෙස මෙම සටහනට එක්කර ඇති අතර අප දන්නා කාලයේ සිට පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ උසස් තනාන්තර සඳහා පුද්ගලයන් පත්කලේ පල්ලියේ මැදිහත්වීම මත බව ඒ ඒ ආයතන වළ සේවය කළ බහුතරයක් දන්නා කාරනයක් වන අතර මේ වන විට ආරක්ෂක අංශයේ බොහොමයක් උසස් තනතුරු සඳහා පත්කරන ලද බහුතරයක් අන්‍ය ආගමිකයන් වන අතර එය විශෙෂයන් 80% ක් වන බහුතර බෞද්ධ ජනතාවගේ ජීවිත වලට තර්ජනයක් බව අවදාරණය කරමි.
විශෙෂයන් 1987 – 1989 කාලය තුළ වැඩියෙන් ඝාතනයට ලක්වුණේ සිංහල බෞද්ධ තරුණ තරුණීයන් වන අතර ඊට හේතුව වර්ථමාන යුධහමුදාපති වරයාගේ ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම තුළ ජනතාවට වටහාගත හැක.
මැල්කම් රංජිත් නොදන්නා කාරනය වන්නේ රාජපක්ෂ ජුන්ටාව යනු හම්බන්තොට හම්බයන් වන අතර මැල්කම් රංජිත් හරහා බෞද්ධ ජනතාවට කෙලවන අතර බැසිල් රාජපක්ෂ මුස්ලිම් පල්ලි 237 ක රට තුළ අළුතින් ස්ථාපනය කිරීමට අවසර ලබාදී තිබුණි. පහත ඡයාරූපය හොඳින් අද්‍යනය කරන්න මුස්ලිම් තොප්පිය පැළඳ සිටින්නේ නාමල් රාජපක්ෂ බව අමතක නොකරන්න. 4 % ක් වන කිතුනුවන් සහ අන්‍ය ජනවර්ගයන්ට පවා නුදුරෙහි අත්විඳීමට සිදුවන්නේ සෝචනීය තත්වයකී.
බෞද්ධ අප සසර ගමන කෙලවර කරන තුරු ඉපද ඉපද මැරි මැරි ආරක්ෂා කලේ මේ අපේ මතෘ භුමියයි.
ඉතාමත් උපායශීලී ලෙස අභිමානවත් ඉතිහාසය යටපත් කිරීමට හේතුව වර්ථමානයේ රටේ සෑබෑ ඉතිහාසය ඉස්මතුවීමයි. දේශප්‍රේමීන් ලෙස පෙනී සිටිමින් රට මංකොල්ල කමින් රාජ්‍ය සම්පත් බිලියන 100 ක් ගිණිතබා විනාශ කළ ඊනියා බෞද්ධ අන්තවාදී මිත්‍යාදෘෂ්ටික ත්‍රස්තවාදී කන්ඩායමකින් මීට වඩා යමක් බලාපොරොත්තු විය නොහැකිය ඒ මන්ද යත් ඊනියා බෞද්ධයන් බලයට ගෙන ඒමට මැල්කම් රංජිත් සෑම විටම පෙරමුණ ගෙන ඇත.
වර්ථමාන පාලකයන් ආගම දේශපාලනයෙන් ඉවත්කිරීමට අවශ්‍ය බව පුන පුනා ප්‍රකාශ කළ අතර අප කුඩාකාලයේ සිංහල බෞද්ධ පවුල් සොයමින් ගම්දනව් පුරා පිරිසක් ක්‍රියාත්මක වු අතර ඔවුන් දකිනා විට මගේ අත්තම්මා කීයූ කතාවක් මෙම සටහනට එක්කරමි. ” ආගම් කාරයෝ එනවා සිංහල බෞද්ධ ජනතාවගේ මොලය කන්න ” ආවේ ආගම දේශපාලනය තුළින් ඉවත් කිරිමටනම් ඒ කී පරිදි ක්‍රියාත්මක වෙනු.
බුදුදහම යනු ආගමක් නොවන අතර හැකිනම් බුද්ධ දේශණය මැනවින් හදාරා මෛත්‍රිය, කරුණාව, දයාව සමානාත්මතාව සහ සහජීවනය මේ හෙළබිම තුළ ව්‍යාප්ත කරවනු.
හසිත සිරිවර්ධන ~ ගිණිසිළු අසිපත .
1. https://youtu.be/TZg2PW-R60E?si=e6q-dwh1kvjXw8c_
2. https://www.facebook.com/share/v/1W7v6Lk2po/?mibextid=wwXIfr