වසර දසදහස් ගනනක අභිමානවත් ඉතිහාසයකට උරුම කම් ඇති අභිමානවත් ජාතියක් රටක් සහ භාෂාවකට උරුම හිමිකම් ඇති සිංහල බෞද්ධ ජනතාව ඉතා උපායශීලී ලෙස මේ දරණී තළයෙන් අතුගා දැමීමට ” අඟෙහි ඉදන් කණ කැමට ” සුදානම් වන ඊනියා බෞද්ධ අන්තවාදී මිත්‍යාදෘෂ්ටික ත්‍රස්තවාදීන් පාර කපමින් ඇති බව මෙහි අංක 2 යටතේ ඇති විඩියෝව නැරඹීම තුළින් ඕනෑම දේශහිතෛෂී පුරවැසියකුට අවබොධ වනු නියතයි.

පවතින ක්‍රමවේදය විවේචනය කරන විට පක්ෂක්ග්‍රාහි වහලුන් සිතන්නේ මේ හදන්නෙ හිටපු හොරුන්ට නැවත පාර කපන ක්‍රමවේදයක් නැවත සමාජයේ ක්‍රියාත්මක වන බවයි. නමුත් රටෙහි සෑබෑ වෙනසක් සඳහා විකල්ප බලවේගයක් ස්ථාපිත කළ යුතු බව තේරුම් ගැනීමට තරම් පුරවැසියන් පරිනත වී තිබේද යන්න ප්‍රශ්නාර්ථයක් වී ඇත.

සෑබැ වෙනසක් වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් ජනතාව දැනුවත් කළ විඩියෝ කිහිපයක් ඇතුළත් ලින්ක් එකක් මෙම සටහනට අංක 3 ලෙස ඇතුළත් කර ඇති අතර ඒ සඳහා ජනතාවගේ අවදානය යෝමු වෙතයි අපෙක්ෂා කරමි.

තිත්ත උනත් ඇත්ත කිසිදු බලපෑමක් නොමැතිව දේශනා කරනු ලබන මේ භික්ෂූන් වහන්සේට රටේම ජනතාවගේ නමස්කාරය හිමි විය යුතු නිසා උන්වහන්සේට ගෞරවයක් ලෙස මෙම සටහන තැබීමටත් රටෙහි බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ අවදානයට මෙම දේශණය මෙලෙස නැවත සමාජ ගත කරනු ලබන අතර උසුළුවිසුළුවලින් සහ කෙලි සෙල්ලම් වලින් මොහොතක් මිදී හැකි පමණ මෙම සටහන සමාජගත කර තම ජාතික යුතුකම ඉටුකරන ලෙසත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂ ජුන්ටාව සමඟින් හිටපු හොරුන් විසින් අටවනු ලැබූ NPP අටමගල විසින් මේ කරනු ලබන්නේ හිටපු හොරුන්ගෙ හොරකම් මැරකම් සොදා පිරිසිදු කිරීම බව වහල්බවින් අන්ඳවී ඇති පාක්ෂිකයන් හට තවමත් අවබෝධයක් ලැබී නැති අතර සත්‍ය වශයෙන් ලක්ෂ 43 කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලැබූ වර්තමාන පාලකයන් ආරක්ෂා කරගැනීමට වැඩපුර වෙහෙස මහන්සි වී ක්‍රියාත්මක වන්නේ රංජිත් මැල්කම් පවසන පරිදි ඔහුට අවනත අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක ඔහුගේ බාලකාය බව නොරහසකි.

1505 සිට විදේශ අක්‍රමණ ගනනාවකට මුහුණ දුන් ජාතියක් කෙසේ හෝ රටෙහි අභිමානය ආරක්ෂා කරගත්තේ නමුදු හොරුන්ගෙ පොදු අපෙක්ෂක අනුර රාජපක්ෂ වික්‍රමසිංහ විසින් රට නැවත ලේ විලක් කිරීමට පිඹුරු පත් සකස් කර එය උපායශීලී ලෙස ක්‍රියාත්මක කරවමින් ඇති අතර බලයට පත්වී මාස දෙකක් ඇතුළත ස්ථාපිත කිරීමට නියමිතව තිබු සොරකම් කළ රාජ්‍ය සම්පත් නැවත ලබාගැනීමට ඇටවීමට පාරම්බෑ අයතනය ස්ථාපිත කිරීමට වර්තමාන පාලකයන්ට අමතක වී ඇත.

දිනෙන් දින අනුරගේ ලොන්ඩරිය හිටපු හොරු අපුල්ලමින් පිරිසිදු කරති. අවසානයේ රට ආරජික වීමට හේතුව රටේ ජනතාවගේ පිට පැටවෙනු ඇත.

බලය මංකොල්ල කෑමට ප්‍රථම හිටපු පාලකයන් හොරුන් වු අතර වර්තමානයේ හොරුන් ලෙස හන්වඩු ගැසනුයේ රාජ්‍ය සේවකයන් වන අතර මේ වන විට රට මෙහෙම හෝ ආරක්ෂා වී තිබිමට හේතුව ඉතා සොච්චම් වැටුපකට හෝ රාජ්‍ය සේවකයන් තම රාජකාරි ඉටුකිරීම බව මේ වන විට බහුතර ජනතාව තේරුම් ගෙන ඇත.

අප උපන් මේ මාතෘභමිය පිළිබඳ දේශ ගවේෂකයින් තම පොතපතේ සටහන් කළ ආකාරය පිළිබඳ ජනතාවට අභිමානයක් ඇතිවීමට මෙම සටහනට අංක 1 යටතෙහි විඩියෝ පටයක් සම්බන්ධ කර ඇති අතර එය බොහෝ දෙනාගේ දැනුම වර්ධනය පිණිස පරිශීලනය කරන මෙන් ඉල්ලා සිටිමි.

උපායශීලී ලෙස බුදුදහමත් ඉතිහාසයත් ජනතාවගෙන් ඈත් කරමින් මේ මිසදිටු පාලකයන් පලමුව ජීවත්වීම කරුමයක් වන තැනට රට පත්කීරීම හරහා ජනතාවට තම බඩවියත රැකගැනීමට තම කාලය ශ්‍රමය වැයකිරීමට සිදුවන අල්ලපනල්ලේ බෞතිකයට වැඳ නමස්කාර කරමින් ආධ්‍යාත්මික ගුණ ධර්මයන්ට මරු පහරක් එල්ල කරමින් රට මේ විපතට පත්කරමින් සිටින්නේ කාගෙ උවමනාවටදැයි යන්න අවබෝධ කරගැනීමට අංක 2 යටතේ ඇති විඩියෝව නරඹන ලෙස නැවත නැවතත් ආයාචනා කරමි.

✍️ හසිත සිරිවර්ධන ~ ගිණිසිළු අසිපත.

1. https://www.facebook.com/share/v/19X9NQNfUu/?mibextid=wwXIfr

2. ⁠https://youtu.be/97qCzOvaX5w?si=GxiBlbCdYt3Vk4Ck

3.https://www.facebook.com/share/p/19HAqpeXcY/?mibextid=wwXIfr